හ්ම්ම්….!!! ඉස්සෙල්ලම කාලෙකින් ඒන්න බැරිවුණ ඒකට සමාවෙන්න ඕනෙ. මෙදා සැරේ ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා….. ඒ Security. මේ කාලෙ වෙනකොට Securit‍y ගැන කතා කරන එක දැන ගෙන ඉන්න එක ගොඩක් වැදගත්. එකෙනුත් කියන්නෙ යන්නෙ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් දෙයක් ගැන කියන්නයි යන්නෙ.
හැබැයි මේ කරන්න යන්නෙ Marketing වැඩක් නං නෙමේ. මේ ලිපිය සදහාම විතරයි.

පහුගිය කාලය තුල Kasperskey lab විසින්  smartphones වලට  වැඩිවන threats ගැන වැඩිපුර අවධානය යොමු කර තිබෙනවා. එය 2011 වන විට එය සෑහෙන ප්‍රමාණයකින් වැඩිවී තිබෙනවා. ඒ අනූව  Kasperskey lab විසින් සපයා තිබෙනවා. සයිබර් අවකාශයේ වෙන සයිබර් අපරාධ අතරින්  smartphones වලටත් ඇතුල් වෙනවා කිව්වා කිව්වොත් ඔයගොල්ලො පුදුම වෙයි…!!! ඒකට උදාහරණ ටිකක් තමයි මේ….

2011 දී Kasperskey lab විසින් වැඩිම malwares පුමාණයක් සොයාගැනීම. (එය ඊට කලින් අවුරුදු 5 දීම සොයාගත් පුමාණයට වඩා වැඩිය.)

ඊට අමතරව සාමාන්‍ය attacks එන ක්‍රමයට  වඩා වෙනස් ක්‍රමයක් අපරාධකරු විසින් භාවිතා කරන්නෙ. ඒ තමයි හැකර් වරුන්ට වුවමනා මුදල් විතරක් නෙවේ. මුදල් වලට වඩා ඔවුන් සොයන්නේ දේ තමයි තොරතුරු. SONY සමාගමට, යුධහමුදා මූලස්ථාන වලට වගේ තැන් වලට ආපු attacks වලින් මෙය පැහැදිලි වේ.  ඒත් මේ ආක්‍රමණවලට පාදක කරගත්තේ පරිගණක. ඒ වගේම මේ සයිබර් අපරාධ smartphones මුල් කර ගෙනත් වෙන්න පුළුවන්.

තවත් පැත්තකින්, smartphones වල අලෙවිය එන්න එන්න වැඩිය. කොතන බැලුවත් කොහේ ගියත් මේ smartphones නැතුව බැරිය. ඔෆිස් එකේ, ගෙදර, යන එන හැමතැනම මේවා අතේය. ඒකත් එක්ක මේ smartphones වල පෞද්ගලික හා රහසිගත ලිපිගොනු store කර තිබෙන නිසා ඒවාට එන attacks සාමාන්‍ය පරිගණක හා සමානව වැඩිය.

දැන් smartphones වලට තියෙන තර්ජනය ගැන හොදට පැහැදිලි ඇතිනෙ.
කොහොම වුණත් මේ attacks අවම කරගන්න මේ පියවරවල් ගැනීම වැදගත්.
1. පොදු වයි-ෆයි ජාල භාවිතය අවම කිරීම.
2. සෑම විටම ඔබගේ ජංගම උපරකරණය ගැන සැලකිල්ලෙන් සිටීම.
3.ආරක්ෂක උපක්‍රම/මෘදුකාංග භාවිතය. (pin codes, encryption)
4. උපරකරණයේ OS එක සහ අනෙකුත් මෘදුකාංග  අප්ඩේට් කිරීම.
5. නොදන්නා උපකරණ සමග සම්බන්ධ කිරීමෙන් වැළකීම.
6. සියළුම ස්පෑම් පණිවිඩ නොසලකා හැරීම.

එහෙනං ගිහින් එන්නං… තවත් දවසක හම්බෙමු…..


ම්ම්ම්…. ගොඩක් දවසකින් නේ…? හරි අපි කථාවට යං…..

ස්කයිප් කියන්නේ මොනවගේ apps එක ගැන කවුරුත් අහල ඇතිනේ. ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඉන්ටර්නෙට් එක හරහා දුරකථන ඇමතුම් ගන්න ලෝකේ වැඩිපුරම පාවිච්චි කෙරෙන application එකක් තමයි Skype කියන්නෙ. ඉතින් ඒ ගැන අලුත් ආරංචියක් කියන්නයි මේ යන්නෙ.ලෝකේ ප්‍රධාන මෘදුකාංග හා සේවා සපයන ආයතනයක් වන Microsoft සමාගම විසින් Skype අන්තර්ජාල දුරකතන සමාගම ඇ.ඩො. බිලියන 8.5 කට මිළදී ගත්ත කථාවක් පහුගිය දවස්වල අහන්න ලැබුණා.

ස්කයිප් සමාගම ආරම්භ කරේ 2003 දී. ඒ බටහිර යුරෝපයේ ලක්සැම්බර්ග් වල. කොහොම වුනත් ටික කාලයකින් ස්කයිප් වලට හොද තැනක් හම්බුණා. මේ වෙනකොට එහි ලොව පුරා පරිශිලකයන් ගණන මිලියන 600 කටත් වැඩියි.

මේ අතරෙ තමයි මේ අලුත් ආරංචිය ආවේ. Microsoft සමාගම විසින් Skype අන්තර්ජාල දුරකතන සමාගම ඇ.ඩො. බිලියන 8.5 කට මිළදී ගත්ත කථාව. ටිකක් විස්තර හොයල බැලුවම 2011මැයි මස 10 වැනිදා මයික්‍රොසොෆ්ට් සමාගම ඇ.ඩො. බිලියන 8.5 කට පවරාගැනීමට කැමැත්ත පලකර තිබෙනවා. මේ දේ වුණේ ඇයි කියල නං දන්නේ නෑ හැබැයි හොයල බැලුවම මෙන්න මේ විස්තර ටිකත් හම්බවුණා… ඒකෙන් නං යමක් ඔළුවට දාගන්න පුළුවන් වෙයි…

2010 දී , ආදායම ඇ.ඩො. මිලියන 860 යි. ඒ වගේම ශුද්ධ අලාභය ඇ.ඩො. මිලියන 7යි.


card4

ලබන්නාවූ අලුත් අවුරුද්ද  සතුට සාමය සපිරි සුභ නව වසරක් වේවා!


ඔන්න ආයෙමත් තවත් අලුත් දෙයක් අරන් ආවා. අලුත් කිව්වට මීට කලින් මේගැන අහල ඇති. ඒ තමයි යුනික්ස් (UNIX). කව්රුත් මේ නම අහල ඇතිනේ. බොහොම සරලව කාටත් තේරුම් ගන්න පුළුවන් විධියේ විස්තරයක් මට හම්බවුණා. ඉතිං ඒ ටික ඔයාලා හැමෝම අතරයේ බෙදා ගන්න හිතුණා.

යුනික්ස් වලට හැදින්වීමක්.

යුනික්ස් (UNIX) යනු මෙහෙයුම් පද්ධතියකි. එය නිපදවූයේ 1960 දී. පසුව කාලෙන් කාලෙට එය වැඩිදියුණු වුණා.මෙහෙයුම් පද්ධතියක් එහෙමත් නැත්තං Operating System එකක් කියන්නෙ මොකද්ද කියල ඔයාල දන්නවනෙ. කෙටියෙන් කිව්වොත් පරිගණය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය මූලික වැඩසටහනක්නෙ. එය stable, multi-user, multi-tasking පද්ධතියක් වන අතර server, desktop සහ laptop පරිගණක සදහා ද එය භාවිතා කළ හැක.

යුනික්ස් මෙහෙයුම් පද්ධතිය graphical user interface (GUI) එකක් සහිත වන අතර වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්ධති මෙන් පහසුවෙන් වැඩකළ හැකි වටපිටාවක් මෙහිද තිබේ.කොහොම වුණත් යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ මුලික විධාන(commands) GUI එකක් නැති අවස්ථාවන් වල වැඩකිරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. උදා. telnet session එකකදී.

යුනික්ස් වල ප්‍රභේද

යුනික්ස් වල ප්‍රධාන ප්‍රභේද කීපයක් තිබේ. නමුත් මේ සියුළු ප්‍රභේද වල පොදු ගුණාංග ද තිබේ. වැඩිපුරම හුරු පුරුදු ප්‍රභේදයක් නම් Sun Solaris, GNU/Linux, and MacOS X.

යුනික්ස් මෙහෙයුම් පද්ධතිය

යුනික්ස් මෙහෙයුම් පද්ධතිය තුල ප්‍රධාන කොටස් 3කි. The kernel, The Shell, The Programs

1. The kernel

කර්නලය යනු යුනික්ස් මෙහෙයුම් පද්ධතියක මූලික ක්‍රමලේඛනයයි. එමගින් කාලය හා මතක ධාරීතාව වැඩසටහන් සදහා වෙන්කරනුලබයි. ඊට අමතරව ලිපි ගොනු ව්‍යුහය(file structure) පද්ධතියෙන් දෙන විධාන සමග කටයුතු කරනවා.

2. The Shell

කර්නලය හා පරිගණක පරිශිලකයා අතinterface එකක් ලෙස ෂෙල් එක ක්‍රියාකරයි. User මගින් කරන විධාන (logs in, the login program checks the username and password, and then starts another program) ෂෙල් නම්න් හදුන්වයි. ෂෙල් එක යනු දෙන විධාන පරිවරතනය කරන තැනකි. (command line interpreter (CLI)). එමගින් පරිශීලකයා දෙන විධාන පරිවර්තනය කර එය සැකසුම් සදහා යොමුකෙරේ.

`

3. The Programs

ප්‍රෝගෑම්ස් යනු පරිගණකයේ විවිධ දේ සදහා භාවිතා වන වැඩසටහන්ය.

යුනික්ස් ගැන තවත් බොහෝ දේ කියන්න තියෙනවා… ඒවත් එක්ක තවත් දවසක හම්බෙමු…


හැමදාමත් වගේ අදත් තවත් අලුත් දෙයක් ගේන්න හිතුවා… මේක අලුත්ම කිව්වට අලුත්ම නෙවෙයි, දැනට මාස දෙක තුනකට කලින් තමා මේගැන දැන ගන්න ලැබුනේ.

පරිගණක අතරින් බලගතුම පරිගණක වලට කියන්නේ සුපර් කොම්පියුටර්ස් කියල අහල ඇතිනෙ. ඉතිං ලෝකයේ තියෙන නවතම සුපිරි බල වතා ගැන කියන්නයි මේයන්නෙ. 2009 නොවැ. සිට 2010 ඔක්. මාසය වෙනකන් ලෝකයේ සුපිරිම පරිගණකය වුනේ  Cray Jaguar කියන පරිගණකයයි. ඒක තියෙන්නෙ ඇමෙරිකාවේ Oak Ridge ජාතික පර්යේෂණාගාරයේ. එය භාවිතා වන්නේ විද්‍යාත්මක පර්යේෂණ වලටයි.

 

නමුත් දැන් මේ බලවතා පරද්දන්න අලුත් සුපිරි බලවතෙක් ඇවිත්. ඒ චීනවේ ටියාන්හේ-1ඒ(Tianhe-1A) සුපිරි පරිගණකයයි. මෙය චීනයේ ටියැන්ජින් නගරයේ ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානයේ (National Supercomputing Center) පිහිටුවා තිබෙනවා.

ටියාන්හේ-1ඒ පරිගණකයේ උපරිම වේගය පීටාෆ්ලොප්ස් 2.57ක් වේ. (දෙවැනි ස්ථානයේ පසුවන ඇමෙරිකාවේ එක්ස්ටී5 ජගුවාර් පරිගණකයේ උපරිම වේගය පීටාෆ්ලොප්ස් 1.76කි) පීටාෆ්ලොප් එකක් යනු තත්පරයකට ගණනය කිරීම් ටි‍්‍රලියන 1,000ක් වේ.

මෙහි Intel Xeon X5670 ප්‍රොසෙසර්ස්  14,336 ක්ද , Nvidia Tesla M2050 ග්‍රෆික් ප්‍රොසෙසර් ඒකක 7,168 ක්ද  තවත් විවිධාකාර ප්‍රොසෙසර්  වර්ග 2,048 ක්ද භාවිතාවේ.

ඒවගේම මෙය පරිගණක කැබිනෙට්ටු 112 කින්ද, දත්ත ගබඩා කැබිනෙට්ටු 12 කින්ද, සන්නිවේදන කැබිනෙට්ටු 6 කින්ද, ආදාන/ප්‍රතිදාන(I/O) කැබිනෙට්ටු 8 කින්ද සමන්විත වෙනවා.

ටියාන්ජින්හි පිහිටි සුපිරි පරිගණක මධ්‍යස්ථානය සතුව තිබෙන ටියාන්හේ-1ඒ පරිගණකය මඟින් මේ වන විට අහස් යානා හැසිරවීම් පුහුණු කටයුතු, කාලගුණ අනාවැකි පළකිරීම හා මුහුදු පත්ලේ ඇති තෙල් නිධි සොයාගැනීම වැනි කටයුතු සිදු කෙරේ.

 


WordPress වෙතින්….

 

The stats helper monkeys at WordPress.com mulled over how this blog did in 2010, and here’s a high level summary of its overall blog health:

Healthy blog!

The Blog-Health-o-Meter™ reads Wow.

Crunchy numbers

Featured image

A Boeing 747-400 passenger jet can hold 416 passengers. This blog was viewed about 5,600 times in 2010. That’s about 13 full 747s.

 

In 2010, there were 12 new posts, growing the total archive of this blog to 27 posts. There were 54 pictures uploaded, taking up a total of 4mb. That’s about 1 pictures per week.

The busiest day of the year was May 3rd with 299 views. The most popular post that day was පරිගණකයට අලුත් විධියේ ඉබ්බෙක්….

Where did they come from?

The top referring sites in 2010 were blogs.sinhalabloggers.com, facebook.com, mail.yahoo.com, palpatha.blogspot.com, and en.wordpress.com.

Some visitors came searching, mostly for gmail, gayansblog, splinter cell conviction, gayansblog.wordpress.com, and etisalat.

Attractions in 2010

These are the posts and pages that got the most views in 2010.

1

පරිගණකයට අලුත් විධියේ ඉබ්බෙක්… May 2010
10 comments

2

සර්ච් එන්ජිමක්(Search Engine) වැඩකරන්නෙ මෙහෙමයි… April 2010
12 comments

3

Gmail වලට අලුතින් එකතු වුණ අමුත්තා… Buzz…………. February 2010
8 comments

4

About : ගයාන් ගැන… February 2009
17 comments

5

Intel Core i5 සහ Core i3 හ‍‍ඳුන්වාදෙයි… February 2010
12 comments

සුභ නව වසරක් වේවා…!!!

Posted: දෙසැම්බර් 31, 2010 in තාක්ෂණික
ටැග:,

සැමට සාමය පිරි සිරි සුභ නව වසරක් වේවා…!!!

 

ඔන්න ඉතිං 2011 අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියල තමයි මේක දාන්නෙ. පොඩි වෙනසකුත් කරා බ්ලොග් එකේ. කොහොම වුණත් අලුත් අවුරුද්දේ අලුත් දේවල් ගොඩක් අරං එන්න බලාපොරොත්තු වෙනවා… එහෙනං ඉක්මනින්ම අයෙත් හම්බෙමු. සැමට සුභ අලුත් අවුරුද්දක්….