තාක්ෂණික, පරිගණක

ASUS ROG CG6190 නවතම සුපිරි Intel X58 Gaming පරිගණකය

asus_rog-cg6190Intel Core I7 පෙ‍්‍රාසෙසරයක් සහිත මෙයට ඇත්තේ x58 chipset එකකි. ASUS සමාගම විසින් හදුන්වා දෙන පරිගණකයක වන අතර අති විශිෂ්ඨ දෘඩාංග වලින් යුතු මෙය පරිශීලකයාට පරිගණක ක්‍රීඩා වල උපරිම ආශ්වාදයක් ගෙනදෙයි. ලෝකයේ ඇති විශිෂ්ඨම පරිගණක ක්‍රීඩා සදහාම නිපදවා ඇති මෙය දෘඩාංග පද්ධතිය මෙන්ම දැකුම්කළු නිමාවකින් ද යුක්තය. විශේෂයෙන් මෙහි VGA, Processor, RAM වල විශේෂතා කීපයක්ම දැකිය හැකිය. මෙහි දෘඩාංග පද්ධතිය පිළිබද කෙටියෙන්…. Model Name : CG 6190 Operating System : Genuine Windows Vista Ultimate Processor : Intel® Core™i7 Chipset : Intel X58 Memory : 6 x DIMM Slots Triple Channel DDR3 1333 up to 12 GB Hard Drive : SATAII up to 4 TB Graphics : NVIDIA GForce GTX285 with CUDA Support
Discrete VGA(supports NVIDIA® 3-way SLI & ATI® CrossFireX – 3GB)
Microsoft DirectX 10 Optical Drive : Blue Ray DVD

Advertisements

“ASUS ROG CG6190 නවතම සුපිරි Intel X58 Gaming පරිගණකය” වෙත සිතුවිලි 7ක්

  1. ව්‍යාපාරිකයෝ සිය ව්‍යාපාරය දියුණුකරවීම උදෙසා නවීනතම උපකරණ නිපදවති. කවුරු මොනවා නිපදවූවත් අපිට අපගෙන්ම ඇසියයුතු ප්‍රශ්න ඇත.

    ඒ නවීන උපකරණය අපට අත්‍යාවශ්‍යද?
    දැනට අපි ලඟ ඇති උපකරණයෙන් කරගැනීමට අපහසු දෙයක් ඇද්ද?

    ලොවට නවීන උපකරණ බිහි වූ පමණින් ඒ උපකරණ පසුපස හඹා යාමෙන් ව්‍යාපාරිකයා තවතවත් පොහොසත් වෙයි. අපේම ධනය නාස්ති වෙයි.

  2. සරත් මහත්මයා කියන එකට මම එකඟයි මල්ලි, ඇත්ත තමා මේ කියන්නේ.

    හිස් බව, ආසාව, අසම්පූර්ණභාවය හා අතෘප්තිය

    අප සියලු දෙනා තුළ අඩු වැඩි වශයෙන් මේ වා පවතී. අපි ඒවා සම්පූර්ණ කර ගැනීමට සමාජ ව්‍යාපාර, බුද්ධිමය ක්‍රියාකාරකම්, ආගම්, පාරිභෝගික භාණ්ඩ, පුද්ගලයින්, සහ කලාවේ පිහිට පතමු.

    දැන් ඔබ.. අහවලා රූපවාහිනියේ/ගුවන් විදුලියේ සාහිත්‍ය-කලා වැඩසටහන් මෙහෙයවන්නේ කලාවට සාහිත්‍යයට ඇති ඇල්ම නිසා හෝ අහවලා සෝම හාමුදුරුවන්ගේ බණ අහන්නට යන්නේ ආගම දහමට ඇති ආදරය නිසා හෝ අහවලා අහවල් වාහනය, භාණ්ඩය අත්පත් කර ගත්තේ එහි උපරිම උපයෝගීතාව නිසා හෝ යැයි කියමින් මා සමග සටනට සැරසීම මදක් පමා කළ මැනව.

    අප සියලු දෙනා උපදින්නේ ආ‍සාව සහ අතෘප්තිය තුළටය. අපේ අතෘප්තිය අප තෘප්ත කර ගැනීමට නම් අප විසින් අපේ ආසාව ජනනය කරන වස්තුව ලබා ගතයුතුව ඇත.
    මලින්ත‍ගේ අයිපොඩය ඔහුගේ ආසාවේ වස්තුවයි. මක් නිසාද යත් ඔහුගේ ආසාව ජනනය කරන වස්තුව එය වන නිසාය. (මේකක් ගන්න එක මගේ හීනයක් වෙලා තිබුණු නිසා.) දැන් ඔහුගේ ආසාව තෘප්ත ද ? නැත..ටික කලකදී තමන්ගේ ආසාව එම වස්තුව තුළ නැති බව ඔහුට දැනෙන්නට පටන් ගනු ඇත. (-පසුතැවිල්ලක් නෑ (දැනට) ඒත් ඉස්සරහට මොනවා හිතෙයිද කියන්න බෑ. බලමුකො.) ආසාව අතෘප්තිකර වන්නේ එ හෙයිනි. එම නිසා ආසාව යනු කෙළවර වන දෙයක් නොවේ. එය යළි යළි උපදියි. එය කිසි දිනෙක පරිපූර්ණත්වයට ළඟාවන්නක් ද නොවේ.

    (වැඩි දුර උදාහරණ ඇවැසි නම් කාලිංගගේ ලැප් ටොප් හෝ ජංගම දුරකථන ආසාවන් ගැන කියවා බලන්න). අසීමාන්තික භාණ්ඩ අවකාශයක කෙසේ එක් වස්තුවකින් ආසාව තෘප්ත වේ ද ?

    අප විසින් ලබන මේ තෘප්තිය පරිපූර්ණවූවක් නොවේ නම් අප ඒවා ගොඩ නගා ගන්නේ කෙසේද ? අපට එම පරිපූර්ණභාවය මවා පෙන්වන කෙනෙකු සිටියි. ඒ පුද්ගලයා බෙහෙවින් තෘප්ත ය. පරිපූර්ණ ය.. ඔහු සිටින්නේ රූපවාහිනිය/වෙළඳ දැන්වීම් තුළය… අප විසින් තෘප්තිය සොයා යන්නේ මේ රූපවාහිනියේ සිටින තෘප්ත වූ අනෙකාට සාපේක්ෂ වෙමිනි.

    එසේ නම් අප තුළ ආසාව සහ අතෘප්තිය මවන්නෝ ද සිටිති. මේ පරිභෝජන සමාජයේ ස්වභාවයයි.

    දැන් මේ පළමු පුද්ගලයා සාහිත්‍ය‍යේ පරම ගැලවුම්කරුවකු ලෙස පෙනී සිටීම හෝ
    දෙවනුව අප යම් සමාජ ආගමික ව්‍යාපාරයක කොටස් කරුවකු වීම හෝ
    මලින්ත අයිෆෝනයක් ගැනීම හෝ
    සිතන තරම් අහිංසක කාරණා ‍නොවන බව පෙනී යනු ඇතැයි සිතමි.

    පාරිභෝගික භාණ්ඩ විසින් පුද්ගලයා වෙත අත් කර දෙන ප්‍රමෝදය බලන්න..(-ඒත් ඉතින් ටවුමට ගිය වෙලාවෙ මට තවත් බලාගෙන ඉන්න බැරිවුණා.-ම් ඉතින්… මට කියන්න බැරි තරම් සතුටුයි. )

    දැන් මලින්ත අයිපොඩය උත්කර්ෂභාවයට පමුණුවයි. (දැන් තමයි තේරෙන්නෙ මිනිස්සු අයිපොඩ් වලට මෙතරම් වහ වැටිලා තියෙන්නෙ ඇයි කියලා. මට නම් හිතෙන හැටියට ඒ පරිශීලක අතුරුමුහුණත හින්දා වෙන්න ඕන (User Interface) පාවිච්චිය බොහොම පහසුයි. ලස්සනයි. වේගවත්.)

    දැන් මලින්ත විසින් අයිපොඩය මිලදී ගෙන ඇතැයි ඔහු සිතා සිටියද සැබවින්ම වී ඇත්තේ අයිපොඩය විසින් මලින්තව මිලදී ගැනීම නොවේද ? මේ පාරිභෝගික ජීවියාගේ ඉරණමයි.

    තාක්ෂණයේ වර්ධනය විසින් අතෘප්තිකර පාරිභෝගික රෝගියකු බිහි කොට ඇත.

    දැන් මෙම සටහනට ඇවැසි නම් කුහකකම, ඉරිසියාව, ද්වේෂය වැනි අදහස් දැක්වීම් එකතු කළ හැක. එහෙත් .. ඒ මොහොතේදී ද හෙට දින සඳහා ඔබ විසින් අද ඔබගේ ආසාව තෘප්ත කරවන වස්තුව වෙනුවට වෙනත් ආදේශකයක්ද ඒ සමගම තෝරමින් සිටින බව ඔබට නොපෙනෙනු ඇත.
    ඒ අපේ හැටිය.

    (මේක අපේ සු අක්කාගේ ලිපියෙකින් ගත්තේ:
    http://suonline.blogspot.com/2008/08/i.html )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )