අන්තර්ජාල, තාක්ෂණික, වෙබ්

අලුත් විදිහට ඩොමේන්…

»              අන්තර්ජාලයේ ඩොමේන් නාම ඇතුළු වැදගත් දේ පාලනය කරනු ලබන්නේ අයිකැන් සමාගම(ICANN-Internet Corporation for Assignd Names and Numbers) විසිනි.

ඕනෑම වෙබ් අඩවියක ලිපිනය අවසන්  පදය ප්‍රධාන මට්ටමේ ‍ඩොමේන් නාමය(TLD-Top Level Domain) කියා හදුන්වයි. එක් එක් ර‍ටවල් සදහා ද(.lk , .uk) එක් එක් ආයතන සදහා ද(.com , .net , .org) විෂයන් සදහාද(.biz ,  .edu) මෙම ඩොමේන් නාම තෝරා දෙන්නේ අයිකැන් සමාගම විසිනි. සමීක්ෂණයකට අනුව කියන‍්නේ 2009 වසරේ අග භාගය වන විට වෙබ් අඩවි මිලියන 233 ක් තිබෙන බවය. මේ සියල්ල එකසේ පාලනය කිරීමට අයිකැන් අයතනයට බැරිය. මේ නිසා.. එහි පාලනය ලිහිල් කිරීමට අයිකැන් සමාගම තීරණය කර තිබේ.

මේ හේතුව නිසා දැන් ඕනෑම කෙනෙකුට තමන් කැමති වචනයක් ප්‍රධාන මට්ටමේ ඩොමේන් නාමය ලෙස යොදාගන්නට පුළුවන. එසේම එම නාමය ඉංශීසි අකුරු වලින් නොව ඕනෑම භාෂාවක අකුරු වලින් සකසා ගන්නටත් පුළුවන.  උදාහරණයක් ලෙස  Ebay වෙබ් අඩවියට .ebay ලෙස ප්‍රධාන මට්ටමේ ‍ඩොමේන් නාමය භාවිතා කළහැක.  microsoft.com වෙබ් අඩවියට .com  වෙනුවට .mic ලෙස ප්‍රධාන මට්ටමේ ‍ඩොමේන් නාමය භාවිතා කළහැක. ඒ වගේම infortec-international.com  හි .com වෙනුවට .inf ලෙස අපට කැමති ආකාරයකට ප්‍රධාන මට්ටමේ ‍ඩොමේන් නාමය භාවිතා කළහැක.

කෙසේ වෙතත් මෙවැනි ඩොමේන් ලබාගැනීමේදී විශාල මුදලක් ගෙවීමට සිදුවිය හැක.

Advertisements

“අලුත් විදිහට ඩොමේන්…” වෙත සිතුවිලි 5ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )