තාක්ෂණික

Intel Core i5 සහ Core i3 හ‍‍ඳුන්වාදෙයි…

ටික කාලයක නිහැඬියාවෙන් පස්සෙ Intel තවත් අලුත් Processor වර්ග 2ක් ගැන හ‍‍ඳුන්වල දුන්න. ඒ තමයි Core i5 සහ Core i3 යන Processor 2 යි. Core i3 Processor ය 2010 ජනවාරි 7 වනදා ත් Core i5 Processor ය 2009 සැප්තැම්බර් 8 වන දාත් හ‍‍ඳුන්වල දුන්න.

අලුත් Processors ගැන කියන්න කළින් වැදගත් වෙයි කියල හිතන දේවල් ටිකක් කෙටියෙන් සඳහන් කරන්න හිතුව.

  • Intel වල අලුත්ම Processor වර්ගය තමයි Intel Core. එහි වර්ග 3කි. එනම් Core i7, Core i5 සහ Core i3.
  • Intel Core 2 Duo and Core 2 Quad Processors වර්ගවල භාවිතයද අන්තිමේදී අඩුවෙලා යයි.
  • Pentium, Celeron and Atom, ටිකක් ඉතිරිවේයි.
  • Centrino Processors වර්ගයද ඉවත් වෙයි. නමුත් ඒ වෙනුවට Centrino කියන නම Intel වල Wi-Fi සහ WiMax wireless නිෂ්පාදන වලට පාවිච්චි කරන්න තමයි යන්නෙ.

මෙම අලුත් Processors වලට ද භාවිතා කරල තියෙන්නේ කළින් Core i7 වලට භාවිතා කරපු Nahelam අකෘතියයි. ඒ වගේම Core i7‍, Core i5 සහ Core i3 Processors සාමාන්‍ය පරිගණක(desktop) සහ ජංගම පරිගණක(laptop) වලටද වෙන වෙනම නිෂ්පාදනය කර තිබේ. ඒවායේ දළ වෙනස්කම් කීපයක් මේ.

Desktop Processor Cores Threads Turbo
Intel Core i7 4 8 Yes
Intel Core i5 2 or 4 4 Yes
Intel Core i3 2 or 4 4 No
Mobile Processor Cores Threads Turbo
Intel Core i7 2 or 4 4 or 8 Yes
Intel Core i5 2 or 4 4 Yes
Intel Core i3 2 or 4 4 No

මෙහි සෑම Processor යකම L3 Cache වල අගය ඉහළ අයයක් ගැනීම ද විශේෂත්වයකි. එනම් Core i3 හි L3 Cache වල අගය 3MB ත් 4MB ත් අතර වේ. Core i5 හි L3 Cache වල අගය 3MB ත් 8MB ත් අතර Core i7 හි L3 Cache වල අගය 4MB ත් 12MB ත් තරම් ඉහළ අගයක් ගනීයි. මේ සෑම ලක්ෂණයකින් ම පෙනෙන්නේ අනාගත පරිගණක වල ඉහළ කාර්යක්ෂමතාවයයි .
කොහොම වුණත් Core i7 වැනි Processor වල ඇති අති විශිෂ්ඨ බලය නිසා ඉදිරියේ දී පරිගණක වල කාර්යක්ෂමතාවය ඉහළ යෑම විශාල ලෙස වෙනස් ‍වනු ඇත‍.

 

Advertisements

“Intel Core i5 සහ Core i3 හ‍‍ඳුන්වාදෙයි…” වෙත සිතුවිලි 13ක්

  1. Intel Core i3 Laptop මේ දිනවල මෙහෙ දැකගන්න පුලුවන්. එයිනුත් Dell විසින් මුලින්ම හඳුන්වා දුන් ලැප් එකක මිල c2c ලැප් එකක මිලට වැඩිය අඩුයි. මම දන්නෙ නෑ හේතුව මොකද්ද කියන්න. මම ඔය i3 & i5 එකයි desktop පරිගණක වලනම් තාම දැක්කෙ නෑ.

    1. Nehalem is the codename for an Intel processor microarchitecture, successor to the Core microarchitecture.The first processor released with the Nehalem architecture was the desktop Core i7, which was released in November 2008. It was followed by the i3 and i5.

      # Two, four, or six cores
      * 731 million transistors for the quad core variant
      # 45 nm manufacturing process
      # Integrated memory controller supporting two or three memory channels of DDR3 SDRAM or four FB-DIMM channels
      # Integrated graphics processor (IGP) located off-die, but in the same CPU packag
      The following caches:
      * 32 KB L1 instruction and 32 KB L1 data cache per core
      * 256 KB L2 cache per core
      * 4–8 MB L3 cache shared by all cores

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )