ටික කාලයක නිහැඬියාවෙන් පස්සෙ Intel තවත් අලුත් Processor වර්ග 2ක් ගැන හ‍‍ඳුන්වල දුන්න. ඒ තමයි Core i5 සහ Core i3 යන Processor 2 යි. Core i3 Processor ය 2010 ජනවාරි 7 වනදා ත් Core i5 Processor ය 2009 සැප්තැම්බර් 8 වන දාත් හ‍‍ඳුන්වල දුන්න.

අලුත් Processors ගැන කියන්න කළින් වැදගත් වෙයි කියල හිතන දේවල් ටිකක් කෙටියෙන් සඳහන් කරන්න හිතුව.

  • Intel වල අලුත්ම Processor වර්ගය තමයි Intel Core. එහි වර්ග 3කි. එනම් Core i7, Core i5 සහ Core i3.
  • Intel Core 2 Duo and Core 2 Quad Processors වර්ගවල භාවිතයද අන්තිමේදී අඩුවෙලා යයි.
  • Pentium, Celeron and Atom, ටිකක් ඉතිරිවේයි.
  • Centrino Processors වර්ගයද ඉවත් වෙයි. නමුත් ඒ වෙනුවට Centrino කියන නම Intel වල Wi-Fi සහ WiMax wireless නිෂ්පාදන වලට පාවිච්චි කරන්න තමයි යන්නෙ.

මෙම අලුත් Processors වලට ද භාවිතා කරල තියෙන්නේ කළින් Core i7 වලට භාවිතා කරපු Nahelam අකෘතියයි. ඒ වගේම Core i7‍, Core i5 සහ Core i3 Processors සාමාන්‍ය පරිගණක(desktop) සහ ජංගම පරිගණක(laptop) වලටද වෙන වෙනම නිෂ්පාදනය කර තිබේ. ඒවායේ දළ වෙනස්කම් කීපයක් මේ.

Desktop Processor Cores Threads Turbo
Intel Core i7 4 8 Yes
Intel Core i5 2 or 4 4 Yes
Intel Core i3 2 or 4 4 No
Mobile Processor Cores Threads Turbo
Intel Core i7 2 or 4 4 or 8 Yes
Intel Core i5 2 or 4 4 Yes
Intel Core i3 2 or 4 4 No

මෙහි සෑම Processor යකම L3 Cache වල අගය ඉහළ අයයක් ගැනීම ද විශේෂත්වයකි. එනම් Core i3 හි L3 Cache වල අගය 3MB ත් 4MB ත් අතර වේ. Core i5 හි L3 Cache වල අගය 3MB ත් 8MB ත් අතර Core i7 හි L3 Cache වල අගය 4MB ත් 12MB ත් තරම් ඉහළ අගයක් ගනීයි. මේ සෑම ලක්ෂණයකින් ම පෙනෙන්නේ අනාගත පරිගණක වල ඉහළ කාර්යක්ෂමතාවයයි .
කොහොම වුණත් Core i7 වැනි Processor වල ඇති අති විශිෂ්ඨ බලය නිසා ඉදිරියේ දී පරිගණක වල කාර්යක්ෂමතාවය ඉහළ යෑම විශාල ලෙස වෙනස් ‍වනු ඇත‍.