අන්තර්ජාල, ජාලකරණය, තාක්ෂණික

Gmail වලට අලුතින් එකතු වුණ අමුත්තා… Buzz………….

ඔන්න ඉතින් මේ සැරේ කියන්න යන්න  Google වලින් Gmail වලට එන අලුත් විශේෂාංගයක් ගැනයි… ඒ තමයි  Google Buzz. Buzz කියන්නේ Google වෙතින්ඳුන්වාදෙන අලුත් විධිහට sharing ක්‍රමයක්. මොනව හරි අලුත් දෙයක් ගැන හම්බුණාම අනිත් අයත් එක්ක ඒ දේ හුවමාරු කරගන්න, ඒ ගැන විස්තර  බෙදාහදා ගන්න, අදහස් හුවමාරු කරගන්න කව්රුත් කැමතියිනෙ. අපි මේ Blog වලින් කරන්නෙත් ඒ දේම තමා.. ඊට අමතරව වෙනත් වෙනත් වෙබ් අඩවි, මෘදුකාංග මේ ස‍ඳහා පාවිච්චි වෙනවා… කොහොම වුණත් අන්තර්ජාලයත් මේකට ගොඩක් උදව් වෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා තමා මේවා හුවමාරු වෙන්නෙ.

ඉතිං Google Buzz කියන්නෙත් පින්තූර, වීඩියෝ සහ තවත් දේවල් share කරන්න භාවිතා කරන අලුත්ම විශේෂාංගයයි. ඊට අමතරව විශේෂයෙන් status updates වලටත් Buzz භාවිතා කරන්න පුළුවන්. හරියට Twitter වගේ. ඒ වගේම කැමති කැමති නොයෙක් සංවාද, කථාබස් වලටත් මේක භාවිතා කරන්න පුළුවන්. මෙහි විශේෂත්වය තමයි මේක අලුතින් Install කරන්න, Configure කරන්න දෙයක් නැති වීම. Google Buzz සාදා ඇත්තේ Gmail වලටම ඇතුලත් කරලයි(built-in). Gmail වල inbox එකට පහලින් අලුත් link විධිහට   Buzz ස්ථාපිත කර තියෙනවා. දැනට Gmail වල ඉන්න යාළු හිත මිතුරන්වම මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඒ අය අනුගාමිකයන්(Follow) ලෙස පාවිච්චි කරන්න පුළුවන්. ඒ අයත් එක්ක අදහස් හවුමාරුවේදී ප්‍රසිද්ධියේ අනිත් හැමෝටම පොදුවේ කරන්නත් පුළුවන්. නැත්නං පෞද්ගලිකව අදාල කෙනා සමග පමණක් සම්බන්ධ වෙන්නත් පුළුවන්.

අනිත් දේවල් ටිකත් කෙටියෙන් කිව්වොත් links post කිරීමත්, share කර ඇති online වීඩියෝ play කිරීමේ හැකියාවත්, ලේසියෙන්ම පින්තූර නැරඹීමේ හැකියාවත් මෙහි තියෙනවා. ඒ වගේම Picasa, Flicker වැනි පින්තූර වෙබ් අඩවි, Google Reader වැනි වෙබ් අඩවි සහ Twitter වැනි අනිත් වෙබ් අඩවි වලට ද සම්බන්ධ වීමේ හැකියාවද මෙහි තියෙනවා. ඉතින් ඔයාගේ යළුවො හැමෝමත් එක්ක එකම තැනක ඉදල කියන්න පුළුවන් ඔයා මොනාද මේ වෙලාවෙ කරන්නෙ කියලා… ඔයා දාන හැම post එකකටම ඔයාගේ යාළුවන්ට පුළුවන් comments දාන්න(ප්‍රතිචාර දක්වන්න). ඒ වගේම, inbox එකේ අලුත් mail එකක් විධිහට පෙන්නල මතක් කරල දෙනව අලුතින් ආපු ඒ ප්‍රතිචාර ගැන. ඒ වගේම ඔයාටත් යාළුවන්ගේ posts වලට ප්‍රතිචාර දක්වන්න පුළුවන්.

තව දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි Google Buzz ජංගම දුරකථන(mobile phones) හරහාද භාවිතා කරන්න පුළුවන් වීම තවත් විශේෂත්වයක්. කොහොම වුණත් Google Buzz පාවිච්චියට ආව විතරයි. ටිකක් ප්‍රසිද්ධ වෙලා හැමෝම අතරට යන්න ටික දවසක් යයි…. හැබැයි Gmail වලට ආපු මේ අලුත් අමුත්තා වන Buzz නිසා twitter වගේ වෙබ් අඩවි වලට අනිවාර්යෙන්ම ලොකු අභියෝගයක් වෙයි… සමහර විට twitter වල‍ට Bye!!!… කියන්න වෙයිද දන්නෙත් නෑ… Google Buzz ගැන කෙටියෙන් එච්චරයි.!

තවත් විස්තර ඕනෙ නං මෙතනින් බලන්න…>>> http://www.google.com/buzz

————————————-


Advertisements

“Gmail වලට අලුතින් එකතු වුණ අමුත්තා… Buzz………….” වෙත සිතුවිලි 9ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )