අන්තර්ජාල, ජාලකරණය, තාක්ෂණික, වෙබ්

සර්ච් එන්ජිමක්(Search Engine) වැඩකරන්නෙ මෙහෙමයි…

හ්ම්ම්… අලුත් අවුරුද්දට කලින් ලිපියක් ලියන්න ඕනෙ කියල හිතුවා….

අන්තිමට මං ‍කිව්වනෙ Game එකක් ‍ගැන. ඒ නිසා මේ සැරේ වෙනස් දෙයක් ගැන කියන්න හිතුවා… අපිට ඉන්ටර්නෙට් එකේ දෙයක් හොයාගන්න නං නිතරම ඕන වෙන්නෙ සර්ච් එන්ජින්(Search Engine) නෙ. Google, Yahoo, MSN, AltaVista, Hotbot වගේ සර්ච් එන්ජින් ගැන ඔයාල අහල ඇතිනෙ. ඒවගේම පාවිච්චි කරල ඇතිනෙ. අද ලිපියෙන් පැහැදිලි කරන්න හිතුවෙ සර්ච් එන්ජිමක්(Search Engine) වැඩකරන විධිහ.

හරි ඉස්සෙල්ල සර්ච් එන්ජිමක් කියන්නෙ මොකද්ද කියල බලමු. සර්ච් එන්ජිමක් කියන්නෙ තවත් ප්‍රෝග්‍රෑම් එකක්. එහෙමත් නැත්තං ඉන්ටර්නෙට් එකේ තියෙන විශේෂ වෙබ් අඩවියක්. ඒකෙන් කරන්නෙ අපි දෙන මූලික පදය(keyword) ට අනුව විස්තර තියෙන වෙබ් අඩවි හොයල දෙන එකයි. සර්ච් එන්ජිමකට අපි keyword එකක් දුන්විට එයට අදාල වෙබ් අඩවි ලැයිස්තුවක් පෙන්වයි. බොහෝ විට මේ දෙන ප්‍රථිඵලය වෙබ් පිටු මිලියන ගණනක් වෙන්න පුළුවන්.ඒවා පරීක්ෂා ‍කර අපිට අවශ්‍ය දේ සොයාගන්න පුළුවන්. දැන් බලමු ඇත්තටම සර්ච් එන්ජිමක් වැඩකරන විධිහ. සර්ච් එන්ජිමක ප්‍රධාන කොටස් 3ක් ඇත.එනම්,

o Spider Program

o Indexer

o Query Processor…

මුලින්ම මෙම Spider Program එක මගින් වෙබ් අඩවි වල ඇති වෙබ් පිටුවල විස්තර මෙහෙයුම් පරිගණකයක(Server) විශාල දත්ත ගබඩාවක(Database) ගබඩාකරයි. ඒවගේම එම වෙබ් පිටු සම්බන්ධවී ඇති(Link) අනෙකුත් ‍ වෙබ් පිටුවලටද ගොස් එහි ඇති විස්තරද ගබඩාකරගනීයි. එසේ සම්බන්ධවී ඇති පිටුවලට දිගින් දිගටම ගොස් වෙබ් පිටු බිලියන ගනනක විස්තර සොයගනීයි. පසුව මෙම විස්තර ලැස්තුගතකර එම විස්තර අනූව පටුනක් සේ සකසා ගන්නවා. මෙම ක්‍රියාවලිය Indexing නමින් හඳුන්වනවා. මෙම විස්තර අඩංගු ලැස්තුව ඇතුලත් පටුන Indexer වේ. Query Processor යනු අපි සර්ච් එන්ජිමක් හරහා keyword එකක් භාවිතාකර දෙයන් සෙවීමයි. Query Processor මගින් ඉන්පසු මෙය Indexer එකට ලබාදෙයි. ඉන්පසු Indexer එක එම keyword එකට අදාල විස්තර තියෙන වෙබ්පිටු, දත්ත ගබඩාවෙන් සොයාදෙයි. එම ලැයිස්තුව නැවත Query Processor හරහා අපට ලැයිස්තුවක් සේ පෙන්වයි.

නැවතත් මෙම කොටස් 3ම එකට අරගෙන වෙනදේ කෙටියෙන් පැහැදිලි කරොත් සර්ච් එන්ජිමකට අපි දෙන keyword එක Query Processor හරහා Indexer එකට ලබාදෙයි. එහිදී Indexer එක Database එකේ ඇති විස්තර වලින් keyword එකට අදාල විස්තර තියෙන වෙබ්පිටු සොයාදෙයි. මෙම වෙබ් පිටු නැවත Query Processor හරහා අපට list එකක් විධිහ‍ට පෙන්වනවා. සර්ච් එන්ජිමක් හරහා අපි දෙයක් ගැන සෙව්වොත් අපිට ලැබෙන result page එක ‍ලැබෙන්නෙ ඔන්න ඔය විධිහට. සර්ච් එන්ජිමක් වැඩකරන විධිහ ගැන දල අදහසක් ඔයාලට එන්නැති කියල හිතන‍වා.

(1) Enter the keyword(2) Result page

——————————————-

ඉතිං සිංහල හින්දු අලුත් අවුරුද්දත් හෙට අනින්දා නෙ. අලුත් අවුරුද්දෙන් පස්සෙ අලුත් අලුත් දේවල් ටිකක් අරන් එන්නං …… හැමෝටම උදාවන අලුත් අවුරුද්ද ජය, සතුට, සාමය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!!! කියල ප්රාුර්ථනා කරනවා….

——————————————-

Advertisements

“සර්ච් එන්ජිමක්(Search Engine) වැඩකරන්නෙ මෙහෙමයි…” වෙත සිතුවිලි 13ක්

  1. කාලෙකින් කියවන්න ලැබෙන නියම Article එකක්…
    අලුත් අවුරුද්දෙ එනකොට තව මේ වගේ ගොඩක් ලියන් එන්නත් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
    සුභ අලුත් අවුරුද්දක් වේවා.!!!

  2. ෂාහ්…. කියල වැඩක් නෑ අපිට සෑහෙන වැදගත් වෙන article එකක්…….. මේ ගැන තවත් විස්තර තිබුන නම් හොදයි ….
    ඒ වගේම spidersලගෙයි web pageඑකේ Meta වගේ Tagවලයි සම්බන්ධෙත් කොහොමද වෙන්නෙ කියල කිව්වනම් වටිනවා…….
    ඉස්සරහටත් මේ වගේ දේවල් ගොඩක් මේ Blogඑකට දාන්න sir…..
    එහෙනම් සුභ අලුත් අවුරුද්දක් වේවා…!!!

    1. spiders ල web pageඑකේ ඇති වෙබ් පිටුවල විස්තර වලට අමතරව Meta Tagවල තියෙන විස්තරත් database ඒකට ගන්නවා…. ඒ අනූව indexer හරහා වර්ග කරල වෙන්කරල තියාගන්නෙ….

      සුභ අලුත් අවුරුද්දක් වේවා…!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )