අලුත් අවුරුද්ද  ඉවර වෙලා අප්‍රේල් මාසෙත් ඉවර වූණා. හැමෝටම ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. අලුත් අවුරුද්දෙ ඉස්ස ඉස්සල්ලම ටිකක් වෙනස් දෙයක් ගැන කියන්න ඕනෙ කියල හිතුණා.

මේක අපේ පරිගණකයට අගුල්(lock) දාන්න පුළුවන් අපූරු ක්‍රමයක්. මේක කරන්න පාවිච්චි කරන්නෙ නිතර දෙවේලෙ අපේ අතේ තියෙන USB pen drive එකයි.  සාමාන්‍යයෙන් අපි පෙන් ඩ්‍රයිව් ‍එක පාවිච්චි කරන්නෙ මොනාටද කියල ඔයාල දන්නවනෙ. අපි ඒක පාවිච්චි කරන්නෙ දත්ත ගබඩා කරල තියාගන්නයි. ඒ කියන්නෙ storage media එකක් විධිහට. එහෙම නැත්තං portable application තියාගන්න. ඒත් දැන් ඒ යූ.එස්.බී පෙන් ඩ්‍රයිව් එකම ඔබ පරිගණකය ලග නැති වෙලාවට පරිගණකයට අගුලු දාන්න යතුරක් විධිහටත් පාවිච්චි කරන්න  පුළුවන්. බලමු ඒ කොහොමද කියලා…

ඒකට විශේෂ software එකක් පාවිච්චි කරන්න වෙනවා. මම පාවිච්චි කරන්න යන software එක තමයි Predator

Predator වලට පුළුවන් අපි පාවිච්චි කරන USB pen එක පරිගණකයට අගුලු දාන යතුරක් බවට පත් කරන්න. ඒනිසා අනෙකුත් පිටස්තර අයට පරිගණකය‍ට ඇතුලු වීම වලක්වාගන්න පුළුවන්. ‍ මෙහිදී USB pen එක පරිගණකයට සම්බන්ධ කර ඇති තාක් කල් පරිගණකය පාවිච්චි කරන්න පුළුවන්. Pen එක විසන්ධි කළ සැනින් පරිගණකයට අගුලු වැටේනවා. නැවතත් log වීමට අවශ්‍ය නම් නැවතත් pen එක  පරිගණකයට සම්බන්ධ කලයුතුය.

– මුලින්ම Predator software එක සාමාන්‍ය පරිදි පරිගණකයට install කර ගත යුතුය.

– ඉන්පසු Predator software එක run කරන්න.

– USB pen එක පරිගණකයට සම්බන්ධ කර මුලින්ම එන වින්ඩෝවේ continue මත click කරන්න.

– මුල්ම ධාවනයේදී settings ටික සෑදිය යුතුය. එහිදී preferences වලදී අලුතින් password එකක් ඇතුලු කරන්න. (අවම අක්ෂර 6ක්) මෙය නැවතත් පරිගණකයේ අගුළු ඇරීමේදී pen එක නොමැති වුවහොත් අවශ්‍ය වේ.

  1. දැන් USB key drive කියන තැන pen එකට අදාල drive letter එක නිවැරදිව තෝරන්න.
  2. ඉන්පසු “Create Key” බොත්තම තද කරන්න.
  3. සියල්ල අවසානයේ “OK” බොත්තම තද කරන්න.

හරි. දැන් පරිගණකය lock කිරීමට අවශ්‍ය නම් මුලින් සම්බන්ධ කල USB pen එක පරිගණකයෙන් විසන්ධිකරන්න.(ඉවත් කරන්න). එය ඉවත් කළ වහාම තත්පර කීපයක් (සාමාන්‍යයෙන් තත්පර 25කි. අවශ්‍ය ලෙස වෙනස් කීරීමට හැක) ඇතුලත screen එක කළු පැහැ වෙලායයි. ඒත් සමගම පරිගණකයට අගුලු (lock වේ) වැටේ. එමනිසා කිසිවෙකුටත් පරිගණකය භාවිතා කරන්න බැහැ. නැවතත්  unlock කිරීම‍ට USB pen එක පරිගණකයට සම්බන්ධ කරන්න. ඉන්පසු මුරපදය(password) භාවිතා කර නැවතත් සාමාන්‍ය වැඩකරන තත්වයට පත්කර ගත හැක. ඔයාලත් මේක අත්හදා බලන්න….

මෙන්න මෙතනින් Predator බාගන්න : http://www.montpellier-informatique.com/predator/en/index.php?n=Main.DownloadFree

සැ.යු. : Predator වලට pen එක භාවිතා කීරීමෙන් pen එකේ ඇති දත්තවලට හානියක් නොවේ. එනම් දැනට තිබෙන දත්ත delete වීමක් හෝ modify වීමක් සිදුනොවේ.මේ ක්‍රමය 100%ක්ම ආරක්ෂාකාරී නොවුනත් අනිකුත් අය විසින් තමන්ගේ පරිගණකය භාවීතා කිරීම නැවැත්වීම බොහෝ දුර‍ට නතර කළ හැකිය.