අන්තර්ජාල, තාක්ෂණික

ත්‍රිමාණකරණයෙන් ඔබ්බට ගිය හොලොග්‍රැෆික්…

කාලෙකට පස්සෙ ආපහු එන්න ලැබුණ එක ගැන සතුටුයි. කාලෙකින් මොකුත් ලියන්න බැරි වුණා. මාස දෙකකින් විතර තමයි මේ, ටිකක් හරි වෙලාවක් හම්බුනේ ලියන්න.  මේ පාර කියන්න යන්නෙ තවත් වෙනස් දෙයක් ගැන. මේ දේ ගැන අහන්න ඕගොල්ලන්ටත් ආස හිතෙයි.

අපි හැමෝම දන්න තාක්ෂණයක් තමයි ත්‍රිමාණකරණය. වර්ථමායේ එක එක විධිහේ පැති වලට මෙම තාක්ෂණය පාවිච්චි කරන එක ගැන ඔයාලා හැමෝම දන්නවා. එහිදී ත්‍රිමාණ තාක්ෂණය යොදා ගෙන මැවුණු එක් එක් දේවල් අපිට පෙන්නුම් කරන්නේ තිරයක් මත. ඒ වගේම සාමාන්‍ය ත්‍රිමාණකරණ වීඩියෝ වලින් පසු 3D TV තාක්ෂණය හදුන්වා දුන්නා. එයින් වඩාත් තාත්විකව ත්‍රිමාණකරණ වීඩියෝ බලන්න පුළුවන් වුණා.

නමුත් දැන් තත්වය ඊට වඩා වෙනස්. දැන් සෑබෑම ත්‍රිමාණ රූප මවන්න විද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ අලුත් තාක්ෂණය හදුන්වන්නේ “හොලොග්‍රැෆික්“(Holographic) යනුවෙන්. මෙහි මූලික තාක්ෂණය හොයාගත්තේ හන්ගේරියානු ජාතිකයෙකුවන ඩෙනිස් ගාබර් නැමැත්තෙක් ඒ 1947 දී. 1960 න් පසුව ලේසර් තාක්ෂණයත් එක්ක මේක ගොඩක් දියුණු වුණා. මෙහිදී රූප මැවෙන්නේ සාමාන්‍ය විධිහට තිරයක් මත නොවේ. එහිදී දර්ශන බලන කෙනා ඉස්සරහ ලේසර් කිරන පාවිච්චි කරල සැබෑම විධිහට මවනවා. මේවාට කියන්නෙ හොලොග්‍රැෆික් දර්ශන කියලා. ඒවගේම මේවා සජීවී ඒව. ප්‍රධාන වශයෙන් කිරණ දෙකක් මෙහි සජීවී රූප මවන්න පාවිච්චි කරන්න භාවිතා කරනවා. එක ආලෝක කිරණයක් රූපය ප්‍රක්ෂේපණයටත් තවත් අලෝක කිරණයක් මැවෙන රූප අලෝකමත් කිරීමටත් යොදා ගන්නවා. මේ වෙනකොටත් ගොඩක් චිත්‍රපට වල මේ තාක්ෂණය ප්‍රයෝජනයට ගන්නවා. Star Wars, G.I Joe වගේ චිත්‍රපට බලල තියෙනව නං මේ තාක්ෂණය දැකල ඇති.

මෙහි තව විශේෂත්වයක් තමයි ඕනෑම කෝණයකින් ත්‍රිමාණව නැරඹීමට හැකිවීම.  ඒ වගේම තවත් වැඩ ගොඩක් මෙකෙන් කරන්න පුළුවන්. ලෝකේ ඹ්නෑම තැනක සිට තවත් තැනක ඇති දර්ශන මාලාවක්, තරගයක් සජීවීව නැරඹීමටත් පුළුවන්.

මේ වෙනකොට මේ තාක්ෂණය වැඩි දියුණු කිරීමට තව තවත් පරීක්ෂණ කරගෙන යනවා. ඒවගේම මෙම තාක්ෂණයෙන් වෙනම රූපවාහීණී නිපදවීමටද බලාපොරොත්තු වෙනවා. 2022 දී ජපානයේ තියෙන ලෝක කුසලාන තරගය හොලොග්‍රැෆික් තාක්ෂණය යොදාගෙන සජීවී ආකාරයෙන්ම, සැබෑ ප්‍රමාණයෙන්ම පෙන්වීමට ජපාන විද්‍යාඥයන් හා NHK සමාගම සැරසෙනවා. ප්‍රේක්ෂකයන්ට අලුත් අද්දැකීමක් දෙන්නට හොලොග්‍රැෆි ඉදිරියේදී සැරසෙන්නයි යන්නෙ.. සබැවින්ම එය අලුත් අද්දැකීමක්… ඒ වගේම හොලොග්‍රැෆි තාක්ෂණය ඔයලගෙ ගෙදර ආලින්දයටත් ළගදීම එන්න පුළුවන්…… එය අතිශයින්ම විශ්මයජනක අද්දැකීමක් වේවි….

Advertisements

“ත්‍රිමාණකරණයෙන් ඔබ්බට ගිය හොලොග්‍රැෆික්…” වෙත සිතුවිලි 9ක්

  1. පොඩි කාළෙ හිතුනා Laser කිරණයක් එක තැනකින් නවත්තන්න පුලුවන් නම් කොච්චර හොඳද කියලා. නමුත් බ්ලොග් එක කියවනකම් එහෙමෙ දෙයක් තියෙනව, ඒක මෙතරම් දියුණුයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ.

    Excellent article again 😀

  2. ෂා නියමයි…..ඔය තාක්ෂනේ lankaවට එහෙම එන්න කොච්චර කල් යයිද දන්නෑ……!!!!!!!
    Avatar Movie 1ත් ඔය තාක්ෂනේ උසස් විදිහටම පාවිච්චි කරල තිබුන මන් හිතන්නෙ…..
    Interesting post sir…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )