අන්තර්ජාල, තාක්ෂණික

ගූගල් ක්රෝම් ස්ථාවර වෙයි…

අලුත් තාලයේ වෙබ් බ්‍රව්සර් එකක් ටික කාලයකට කලින් හදුන්වා දුන්නා ඔයාලට මතක ඇති. ඒ තමයි ගූගල් ක්රෝම්(Google Chrome). නමුත් මුල්ම කාලෙ ඒහි අඩුපාඩු දකින්නට ලැබුණා. ඒ ගැන ඔයාලටත් සමහර විට අද්දැකීම් ඇති. නමුත් beta version වලින් පස්සෙ දැන් අංග සම්පුර්ණ මෘදුකාංගයක් විධිහට දැන් ක්රෝම් නිකුත් වී තිබෙනවා. ඒ විතරක් ද, ගූගල් ක්රෝම් windows වලට විතරක් ම නෙවේ, Mac, Linux වලටත් ගැලපෙන විධිහට සංස්කරණ වෙන වෙනම නිකුත් කරලයි තියෙන්නෙ. ඉතින් කිසිම ප්‍රශ්ණයක් නැතුව හැම කෙනෙකුටම ගූගල් ක්රෝම් පාවිච්චි කරන්න පුළුවන්.

නිෂ්පාදන කණ්ඩායම කියන්නේ ගූගල් ක්රෝම් වල මුලින් තිබූ දෝශ(bugs) සියල්ල ඉවත් කර අලුත් මුහුණුවරකින්  ගූගල් ක්රෝම් නිකුත් කළ බවයි. ඒ වගේම මෙහි සියළු සංස්කරණ වල ක්‍රියාකාරීත්වය එකසේ ඉහළ මට්ටමක පවතිනවා. විශේෂයෙන් මෙහි කියැවෙන්නේ වේගය හා script වැනි දෑ වල ක්‍රියාකාරීත්වයේ ඉහළ කාර්ය්‍යක්ෂමතාවයයි. ඒවිතරක් නෙවේ මෙහි ක්‍රියාකාරීත්වයේ වේගය හා කාර්ය්‍යක්ෂමතාවය ගැන ඔවුන් අපට ඔප්පු කරලම පෙන්නලා තියෙනවා. පහත වීඩියෝ එකෙන් ඒ ගැන ඔයාලට හොදට තේරුම් ගන්න පුළුවන්.

ඒවගේම නව ගූගල් ක්රෝම් හි තවත් විශේෂතා කීපයක් මේ..

– synchronize browser preferences across computers

– new HTML5 capabilities

– a revamped bookmark manager.

– Themes

– homepage and startup settings

– web content settings

– preferred languages

– page zoom settings

දැනට ලෝකයේ භාවිතා web browsers වෙන අතරින් ඉතා කෙටි කාලෙකින් ඉදිරියට ආපු  Google Chrome නුදුරු අනාගතයේදී අනෙකුත් browsers වලට හොද අභියෝගයක් වේවි. ඔයගොල්ලො ගූගල් ක්රෝම් පාවිච්චි කරල නැත්තං මෙන්න මෙතනින් බාගන්න.

වින්ඩෝස් සංස්කරණය(Windows ver.)

ලිනක්ස් සංස්කරණය(Linux ver.)

මැක් සංස්කරණය(Mac ver.)

Advertisements

“ගූගල් ක්රෝම් ස්ථාවර වෙයි…” වෙත සිතුවිලි 7ක්

  1. HTML5 නිකුත් කල ගමන්ම ඒකට සේවා සපයන Browser එකක් ආව එක නම් ලොකු දෙයක් …
    ක්‍රෝම් වල කොහොමත් task Run වෙන්නෙ වෙන වෙනම නිසා ඒකත් හොඳ user friendly feature එකක් වේවි
    nice article again 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )