අන්තර්ජාල, ආරක්ෂණ, තාක්ෂණික

Tablet PC වලින් ඉන්ටර්නෙට් බ්‍රව්සින් වලදි ආරක්ෂා වීම….

ඉතිං… ඉතිං ගොඩාක් කාලෙකින් නේ….  මට මතක විධිහට මගේ අන්තිම post  එක තිබ්බෙ 2011 දෙසැ 11… අප්පේ අවුරුදදකින් පස්සෙ නේද ….. හ්ම්ම්….කමක් නෑ… අපි කථාකරමු මේ කාලෙ කතා කරන අලුත් දෙයක් ගැන…

galaxy-family-379-0-2 ඒ තමයි ටැබ්ලට් පීසී(Tablet PC). එන්න එන්නම ටැබ්ලට් පීසී පාවිච්චිය වැඩිවෙලා. ඒත් එක්කම ඉන්ටර්නෙට් පාවිච්චියත් ගොඩක් වැඩි වෙලා. අපිට හැමදාම, හැමතැනටම, හැමවෙලාවෙම, හැමෙදේටම ඉන්ටර්නෙට් දැන් අත්‍යවශය දෙයක් වෙලා. ඒත් එක්කම හැම වෙලාවෙම ඉන්ටර්නෙට් වලට PC එකක් පාවිච්චි කරනවාට වඩා ටැබ්ලට් පීසී(Tablet PC), ස්මාර්ට් ෆෝන්(Smart phone) භාවිතය ගොඩක් පහසුවක්. ඒ කොහොම වුණත් ඉන්ටර්නෙට් වලට වගේම එදිනෙදා හැම දේටම ටැබ්ලට් පීසී දැන් ගොඩක් ප්‍රසිද්ධයි. ඒ නිසාම අපි පරිස්සම් වෙන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒ තමයි මේ වගේ උපකරණ වලින් ඉන්ටර්නෙට් භාවිතයේදී අනතරුදායක වෙන්න පුළුවන්. වයිරස් හෝ වෙනත් හැකිං ප්‍රහාර වැනි තත්වයන් ඇති වෙන්න ඉඩකඩ වැඩියි. විශේෂයෙන් ප්‍රසිද්ධ ස්ථාන වල ඇති වයිෆයි(wifi hotspots) සේවාවන් භරහා  ඉන්ටර්නෙට් භාවිතයේදී මේ ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ.

ඒ නිසා ආරක්ෂාකරීව ටැබ්ලට් පීසී වලින් ඉන්ටර්නෙට් බ්‍රවුසින් කිරීමට උපදෙස් ටිකක් තමයි අද කියන්න යන්නේ.

1. Free wifi වලට වඩා 3G සේවා භාවිතා කිරීම. : බොහෝ වයිෆයි hotspots ආරක්ෂාකාරී නොවන්නට පුළුවන්. ඒ හරහා ඉන්ටර්නෙට් භාවිතයේදී අපි භාවිතා කරන තොරතුරු තවත් කෙනෙත් අතට යන්න තියෙන ඉඩකඩ වැඩියි. 3G දුරකථන සේවා වලට ගාස්තුවක් අයකරත් අනාරක්ෂිත wifi  hotspots  වලට වඩා ඒක හොඳ ක්‍රමයක්.

2. VPN තාක්ෂණය භාවිතා කිරීම : VPN(Virtual Private Network) තාක්ෂණ සේවය බොහෝ දුරකථන සමාගම් වල සේවාවන් සමඟ ගන්න පුළුවන්. මෙමගින් ඉතා ආරක්ෂාකරීව ඉන්ටර්නෙට් සේවාවන් එක්ක වැඩකරන්න පුළුවන්.

3. ආරක්ෂාකාරී ඉන්ටර්නෙට් සේවාවන් භාවිතය : මෙහි එක් පියවරක් විධිහට secure protocols ගැන කියන්න පුළුවන්. උදා. විධිහට ඊ-මේල් භාවිතයේදී භාවිතාවන protocol එක http වෙනුවට https භාවිතා කරන්න පුළුවන්. email භාවිතයේ දී වගේම e-banking, e-commerce වැනි ඉන්ටර්නෙට් සේවාවන් භාවිතයේ දී secure protocols ගැන සැලකිලිමත් වන්න.

4. ටැබ්ලට් පීසී හි ආරක්ෂක ක්‍රම උපායන් : තමන්ගේ ටැබ්ලට් පීසී එක තුල පෞද්ගලික තොරතුරු තියෙන්න පුළුවන්. ඒම නිසා ඒවා තවත් අනවශ්‍ය කෙනෙක් අතට පත්නොවන්නටද වගබලා ගන්න ඕනෙ. ඒසඳහා device එකට passwords, PIN codes, virus guards වැනි දේ හරහා අමතර ආරක්ෂාවක් ලබා දෙන්න පුළුවන්.

5. නොදන්නා වෙබ්සයිට්ස් වලින් ඩවුන්ලෝඩ් නොකරන්න : ආරක්ෂාකාරී ජාලයක් තුල ඉන්ටර්නෙට් බ්‍රවුසින් කලත්, සමහර වෙබ්සයිට්ස් වලින් අනවශ්‍ය files වැනි දේ ටැබ්ලට් පීසී එකට ඩවුන්ලෝඩ් විය හැක. එමගින් ටැබ්ලට් පීසී එකෙහි ඇති තොරතුරු ගන්නත් ඒවා විනාශ කරන්නත් පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් දන්නා හා විශ්වාස කළහැකි සයිට්ස් වලින් ඩවුන්ලෝඩ් කරන්න උත්සහ කරන්න. උදා. ලෙස iOS App Store, Google Play and the Amazon App Store සඳහන් කරන්න පුළුවන්.

6. OS එක යාවත්කාලීන(update) කර තබාගන්න : ටැබ්ලට් පීසී එකෙහි මෙහෙයුම් පද්ධතිය(OS) හා අනෙකුත් මෘදුකාංග(software) update කිරීම ගොඩක් වැදගත්. හේතුව නම් ඒවා වල තිබූ security issues වැනි දෑ නිවැරදි කර තියෙන නිසා.

ipadmini2 ටැබ්ලට් පීසී(Tablet PC) තාක්ෂණය නිසා අද ලොකයේ එදිනෙදා ගොඩක් වැඩ කටයුතු ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. ඒවගේම Internet සමඟ ලෝකයත් එක්ක සම්බන්ධ වෙන්න ගොඩක් ලේසියි. නමුත් ඒ වගේම අපි භාවිතා කරන devices සහ ඒවායේ ඇති තොරතුරු වල ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයයි. එම නිසා නොවරදවාම ඔබගේ ටැබ්ලට් පීසී(Tablet PC) එකෙන් Online  යන්න කළින් කලින් කතාකරපු උපදෙස් ටික වැදගත් වේවි.

එහෙනං, අයෙමත් මේවගේ අලුත් post එකකින් හමුවෙනකං දැනුම පිරිණු සුභ අනාගතයක්!!! 🙂

Advertisements

“Tablet PC වලින් ඉන්ටර්නෙට් බ්‍රව්සින් වලදි ආරක්ෂා වීම….” වෙත සිතුවිලි 4ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )