තාක්ෂණික, පරිගණක

මාස්ටර් කාඩ් එක ඩිස්ප්ලේ කාඩ් එකක් වෙයි….

අද කියන්න යන්නෙ තවත් අලුත් දෙයක් ගැන. මේ ගැන දැනගෙන ගොඩක් කල් හැබැයි ඉතිං ලියන්න තමයි වෙලාවත් නැතිවු‍ණේ.

කොහොම වුණත් එදිනෙදා ජීවිතයේ දකින්න ලැබෙන දෙයක් ගැනයි මේ. හැමෝම දන්නවනෙ  Master Card, Visa Card ගැන. ගොඩක් වෙලාවට අපි පාවිච් කරන Credit card, debit card ගත්තහම මේ වර්ග දෙකෙන් එකකට අයිති.

මෙච්චර කල් අපි පාවිච්චි කරපු සාමාන්‍ය කාඩ් දැන් වෙනස් වෙලා එන්නයි යන්නෙ. දැන් තියෙන Master  Card ඊළ‍ගට LCD Display එකක් සහ කාඩ් එකේම තියෙන Keyboard එකක් එක්කයි එන්න යන්නෙ. කොහොමද ඒක. මේ වෙද්දී මේ ගැන මූලික අත්හදා බැලීම් කරල තියෙන්නෙ. මේ අලුත් මුහුණු වරින් එන ක්‍රෙඩිට් කාඩ් මේ වෙද්දී සිංගපුරුව වගේ රටවල නිකුත් කරල තියෙන්නෙ.  මුලිකව Standard Charted වැනි බැංකු මේ ක්‍රමය මුලින්ම අත්හදා බලලා තියෙන්නෙ. කොහොම උනත් මේ අවුරුද්දෙ අන්තිම වෙනකොට ලෝකයේ අනිත් රටවලුත් මේක පාවිච්චි කරන්න ගනී.

Mastercard-LCD-Screen

මේ අලුත් මාස්ටර් කාඩ් ඩිස්ප්ලේ එක නිසා portable card readers වගේ දේවල් පාව්ච්චියත් අඩුවෙලා ගොඩක් ලේසියෙන් ගනුදෙණු කරන්න පුළුවන්.

මේ අලුත් කාඩ් credit card, debit card වගේම ATM වලත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම විශේෂත්වය තමයි touch-sensitive buttons භාවිතය. මේවලින් data input කරන්න පුළුවන් ඒවගේම LCD Display එකෙන් අවශ්‍ය වූ විට authentication codes බලාගන්නත් පුළුවන්. මෙම ක්‍රමය security solution එකක් විධිහටත් ගන්න පුළුවන්.

මූලික හදුන්වා දීමෙන් පසු ලැබුණු ප්‍රතිචාරත් එකක් තවත් දුරට මෙම කාඩ් තව දුරටත් වැඩි දියුණු කරන්නයි යන්නෙ. ඒ තමයි ඉදිරියේදී මේ වර්ගයේ කාඩ් වල ඇති LCD Display එක හරහා  transaction history, account balances වගේ දේවලුත් බලාගන්න පුළුවන්.

ඒ වගේම වර්ථමාන යේ භාවිතා කරන NFC (Near Field Communication)   වගේ තාක්ෂණයන් පවා මේ අලුත් වර්ගයේ Master Card, Visa Card වලට නුදුරු අනාගතයේ ම එකතු වේවි.

එහෙනම්… ගිහින් එන්නනං……..ආයෙත් දවසක හමුවෙමු………mastercard_show_balance_1352483875_540x540

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )